ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරන පුද්ගලයන්ගේ නම දැක්වෙන 2019 වසර දෙවැනි කාර්තුවට අදාල ඇමෙරිකානු federal register ලේඛනයේද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නොතිබීම නිසා ගෝඨාභයගේ සමීපතමයන් මහත් ව්යාකූත්වයකට පත්ව තිබේ.
ඊට හේතුව එම තත්ත්වයක යටතේ ගෝටාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැටළු සහගත වීමයි.
එහෙත් මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ ප්රකාශකයකුගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ඇමෙරිකානු පුරවැසිකම අහෝසි කිරීම සම්බන්ධ සියලු නීතිමය ලේඛන ගෝඨාභය රාජපක්ෂ අතට මේ වන විටත් ලැබී ඇති බවයි.