රනිල්ගේ ඔත්තුකරුවෙක් සජිත් පිලේ සාකච්ඡා රෙකෝඩ් කරලා

19

සජිත් ප්‍රේමදාසගේ පාර්ශවයේ සිදු කරන සාකච්ඡා ගැන වාර්තා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ විසින් ඔත්තුකරුවෙකු යොදවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ගයක් සඳහන් කරයි. එම ඔත්තුකරු හරහා සජිත් පාර්ශ්වයේ සිදු වන කතාබහ විනාඩි ගණනාවක් ඇතුළත අගමැති රනිල් වික්‍රමසිංහ අතට පත්වන අතර සජිත් ප්‍රේමදාසට සමීපතම බව පෙන්වමින් සිටින ඇමතිවරයෙකු විසින් මෙම සියලු තොරතුරු අගමැතිවරයා අතට පත් කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සජිත් පිලේ රහසිගත සාකච්ඡා මෙන්ම ඉදිරි සැලසුම් ගැන ද අගමැතිවරයා විනාඩි කිහිපයක් ඇතුළත දැනුවත් වෙමින් ඇති බව ද පැවසේ. ඇතැම් අවස්ථාවල පටිගත කරන ලද හඬ පට පවා අගමැතිවරයා අතට පත් වී ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

Previous articleසජිත්ට සහ ගෝඨාට සරත් ෆොන්සේකාගෙන් බර අවි ප්‍රහාරයක්
Next articleගෝඨාගේ පුරවැසි කම අහෝසි කිරීම දෙවැනි ලයිස්තුවේත් නෑ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here