එජාප මන්ත්‍රීවරයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

4

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන දමයන්ත ඒකනායක නම් අයෙකි.

හෙරොයින් මිලිග්‍රෑම් 700 ක ප්‍රමාණයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන විසි දෙවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Previous articleදයාසිරි ඉක්මනින්ම එජාපයට එක් වෙනවා – ඩිලාන් කියයි
Next article‘ජාතික ජන බලවේගය’ දීර්ඝ සාකච්ඡාවක ප්‍රතිඵලයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here