දයාසිරි ඉක්මනින්ම එජාපයට එක් වෙනවා – ඩිලාන් කියයි

තමන් පොදු ජන පෙරමුණේ සමුළුවට සභභාගී වීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කැඳවිය යුතු බව පවසන දයාසිරි ජයසේකර ඉටු කරමින් සිටන්නේ එක්සත් ජාතික පක්ෂය විසිනි පැවරූ කාර්යයන් බවත් නුදුරේදීම ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වීමට සූදානමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

විජිතමුණි සොයිසා, ෆවුසි, මනුෂ නානායක්කාර, පියසේන ගමගේ ඇතුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටියදී ඔවුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ නොකැඳවන්නේ ද ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර එක්සත් ජාතික පක්ෂයට එක් වීම සඳහා සූදානමින් සිටින නිසා දැයි තමන් ප්‍රශ්න කරන බවත් ඔහු පවසයි. දයාසිරි ජයසේකර අද සිටින්නේ හෙළුවෙන් යයි මෙරට මිනිසුන් දැනගෙන සිටින බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සමගින් දැන් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා එක්වීම බවද ඔහු කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.

one × 2 =