පොහොට්ටු අපේක්ෂක ගෝඨා

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ලවා ප්‍රකාශ කරවා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ අද (11) දිනයේ සමත්විය. ජනාධිපති අපේක්ෂකත්වය තමාට නොදී සිටීමට බැරිවන ආකාරයට ඔහු විසින්, මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සොයුරන් බිත්තියටම හේත්තු කරනු ලැබුවේ, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මතුව ආ අන්තවාදී මතවාදය ද තවදුරටත් පෝෂණය කරමිනි.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනයේ දී එම පෙරමුණේ නායකත්වයට පත් මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභයගේ නම ප්‍රකාශ කිරීමට පෙර රටේ ජනතාව විසින් ඔහු තෝරාගෙන සිටි බවත් තම සහෝදරයා අද පටන් රටේ සහෝදරත්වයට භාර දෙන බවත් කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ බලවේගයන්ට නායකත්වය ලබාදීමට තමා සුදානම් බව සම්මේලනය අමතමින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටි අතර තමාගේ ආණ්ඩුවක මුලික කාර්යය රාජ්‍ය ආරක්ෂාව බව ඔහු විසින් අවධාරණය කරනු ලැබුවේ වසර 30ක් හමුදා සාමාජිකයකු ලෙසත්, වසර 10ක් රජයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු ලෙසත් සිදුකළ කාර්යභාරය සිහිපත් කරමිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ අරමුනින් යුතුව කැඳවා තිබු මෙම සම්මේලනයට ගෝඨාභයට එරෙහිව පසුගිය කාලයේ දේශපාලන විවේචනයන් ඉදිරිපත් කල වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාද එක්ව සිටි අතර ඔහුට මහින්ද රාජපක්ෂගේ තීරණය අනුමත කරමින් අත්පොළසන් දෙනු දක්නට ලැබිණ.

Leave A Reply

Your email address will not be published.

five × one =