සජිත්ගේ ‘ආර්යාව’ පළාත් පාලන නියෝජිතයන් කැඳවා රනිල්ට බලපෑම් කරන හැටි උගන්වයි

නිවාස ඉදිරිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාසගේ බිරිද වන ජලනි ප්‍රේමදාස විශේෂ ආරාධිතවරිය ලෙස කැදවා පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශිය සභා කිහිපයක මන්ත්‍රීවරුන් සෙත්සිරිපායේ අට වන මහල වෙත කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට තොරුතරු වාර්තාවේ. මේ සදහා හේෂා විතානගේ මන්ත්‍රීවරයාද සහභාගී වී ඇති අතර ඔහු එහිදී සදහන් කොට ඇත්තේ පසු පෙළ මන්ත්‍රීවරුන් 55 දෙනෙකු විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙසට වන ලියවිල්ලක් අත්සන් තබා පක්ෂ නායකවරයාට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි.

ජලනි ප්‍රේමදාස මූලිකත්වය ගත් මෙම සාකච්ඡාව සදහා කඩුවෙල, කොළොන්නාව, හෝමාගම, සීතාවක ආදී නගර සභා හා ප්‍රාදේශීය කිහිපයක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවා තිබූ අතර එහිදී සාකච්ඡා කොට ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සදහා සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීම සදහා එම මන්ත්‍රීවරුන්ගේ බලපෑම රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිදුකළ යුත්තේ කෙසේද යන්නයි.

අදාළ සාකච්ඡාව ජනමාධ්‍යයට හෝ කිසිදු ඡායාරූපගත කිරීමකට ලක් නොවන ලෙස වලක්වා තිබූ බවටද විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර සිටී.

Leave A Reply

Your email address will not be published.

four × 4 =