හොර රහසේ ගෝඨා හමු වෙන්න ගිය කබීර් සහ සාගල මහින්දට අතටම මාට්ටු

ගෝඨාභය රාජපක්ෂව හමුවී රහස් සාකච්ඡා පැවැත්වීම සඳහා එකිනෙකාට හොරෙන් පැමිණි සාගල රත්නායක සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් දෙදෙනාම මහින්ද රාජපක්ෂගේ අතටම හසුවීමේ හාස්‍යජනය සිදුවීමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මෙය සිදු වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදීය.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 04 වන දින පූර්ව දැනුම් දීමකින් තොරවම ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගොස් ඇත. ඒ වනවිට රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන සාගල රත්නායක ගෝඨාභය රාජපක්ෂ හමුවීමට පැමිණ ඇති අතර මහින්ද රාජපක්ෂට නිවසින් පිටව යන්නැයි කියන්නට නොහැකි නිසා ඔහුව නිවසේ ඇතුළු කාමරයක අසුන්ගෙන සිටීමට සලස්වා තිබේ. 

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා නිවසේ සිටියදීම සාගල රත්නායක පැමිණ ගෝඨා සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඔහු පිටව යන්නට සූදානම් වන මොහොතේම එතැනට පැමිණ ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය නියෝජනය කරන කබීර් හෂීම්ය. ඔහුත් පැමිණ තිබුණේ ගෝඨා සමඟ රහස් සාකච්ඡාවකටය. 

මේ හමුවීම් අතරතුර එළියට පැමිණි මහින්ද රාජපක්ෂ “තව ටිකක් වෙලා හිටියොත් මෙතෙන්ට සජිතුත් එයිද දන්නෙ නෑ, මං යනවා යන්න” කියා පිටව ගොස් ඇත. 

Source – LNW

Leave A Reply

Your email address will not be published.

1 × 5 =