සජිත්ගේ ඉල්ලීම් තඹේකට මායිම් නොකර රනිල් පිල අපේක්ෂකයා නම් කිරීම කල් දමයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමෙන් පසුව ඇමැති රවි කරුණානායක පවසයි. එම සන්ධානය අගෝස්තු මස අවසානයේ පිහිටුවන බවත් ඉන් පසුව සියලු පක්ෂ නායකයින් ඇතුළු සියළු දෙනාගේ කැමත්ත දිනාගෙන ජයග්‍රහණය කරන ජනාධිපති අපේක්ෂකයකු නම් කරන බවද ඔහු සඳහන් කරයි.

මේ අතර එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ සන්ධාන ගතවීමට පෙර එක්සත් ජාතික පක්ෂය විසින් තමන් ජනාධිපති අපේක්ෂකයන් කළ යුතු බවයි. එහෙත් සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම පිළිබඳ සලකා බැලීමක් සිදු වූ බවත් මේ වන තෙක් වාර්තා වන්නේ නැත.

මේ අතර ඇමති රාජිත සේනාරත්න ද කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ නව සන්ධානය පිහිටුවීමෙන් පසු බවයි.

Leave A Reply

Your email address will not be published.

five × three =