අර්ජුන් මහේන්ද්‍රන්ගේ ජාත්‍යන්තර පෙත්සමත් ප්‍රතික්ෂේප වෙයි

තමන් අත්අඩංගුවට ගැනීම පදනම් විරහිත බවට සඳහන් කරමින් මහබැංකුවේ හිටපු අධිපති  අර්ජුන් මහේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  එරෙහිව  ජාත්‍යන්තර පොලිසිය  වෙත යොමුකර තිබූ අභියාචනය  ජාත්‍යන්තර පොලිසිය විසින්  ප‍්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පවසයි. අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නිකුත් කර ඇති රතු නිවේදනය තවදුරටත් එලෙසින්ම කි‍්‍රයාත්මක වෙමින් පවතින බවද  ඔහු සඳහන් කළේය.

තමන් වරදක් සිදුකර නොමැති බවත්, එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් තමන් වෙත රතු නිවේදන නිකුත් කිරීම නීති විරෝධී බව පවසමින්   අර්ජුන් මහේන්ද්‍රන් විසින් ජාත්‍යන්තර පොලිසිය වෙත මෙම අභියාචනාව ඉදිරිපත් කර ඇත.

මෙම රතු නිවේදනය නිකුත් කිරීමට හේතුව හා  යොමුකර තිබු   ලේඛන  සම්බන්ධයෙන්  ජාත්‍යන්තර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර එය නිවැරදි ආකාරයෙන්  ඉදිපත් කර ඇති බවට තොරතුරු තහවුරු කරගෙන  මහේන්ද්‍රන්ගේ අභියාචනය ප‍්‍රතික්ෂේප කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

three × 4 =