පාස්කු දින මරාගෙන මැරෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ ජාතික හවුහිත් ජමාද් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුලූ එම කල්ලි සාමාජිකයන් ගේ රුපියල් කෝටි 113 ක මුදල් හා දේපළ අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත මේවා අත්හිටුවා ඇති බවයි.
මේවා අතර රුපියල් කෝටි 100 ක දේපළ හා රුපියල් කෝටි 13 ක් වටිනා මුදල් හා බැංගු ගිණුම් තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර පැවසීය.
අත්හිටවු කෝටි 100 දේපළ අතර වාහන, නිවාස, කර්මාන්ත ශාලා, රන් භාණ්ඩ වන බවද ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයක් 60 දෙනකු අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔවුන් අතර කාන්තාවන් සිටින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.