වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව පිට වෙයි

වර්තමානයේ ලොව සුපිරිතම ටෙනිස් ක්‍රීඩිකාව ලෙස සැලකෙන සෙරීනා විලියම්ස් පසුගිය වසරේ වැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩිකාව ලෙස නම් කර තිබේ.

තිස්හත් හැවිරිදි සෙරීනා උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 29.2 කි. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක්ම උපයා ඇත්තේ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු මගිනි.

ඇය මේ වනවිට ජයගෙන ඇති ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ මුල්පෙළේ තරඟ ජයග්‍රහණ සංඛ්‍යාව විසිතුනකි.

ෆෝබ්ස් සඟරාව විසින් එළි දක්වා ඇති ලෝකයේ වැඩිම මුදලක් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනාගේ ලැයිස්තුවේ සිටින එකම කාන්තාව වන්නේද සෙරීනාය. ඇය එම ලැයිස්තුවේ 63වන ස්ථානයේ පසු වේ.

BBCවැඩිම ධනයක් ඉපැයූ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව පිට වෙයි

Leave A Reply

Your email address will not be published.

four × two =