අද දිනයේ දිවයින පුරා රනිල් විරෝධී පෝස්ටරයක් අලවා තිබෙ නු දක්නට ලැබුණි. පෝස්ටරයේ වගකීමක් සඳහන්ව නොතිබූ අතර එය කුමන කණ්ඩායමක් විසින් අලවන ලද්දක්දැයි මේ වන තෙක් අනාවරණය වී නැත.
පෝස්ටරයේ වගකීම ගන්නා පුද්ගලයෙක් හෝ සංවිධානයක් ගැන සඳහනක් නැති අතර ‘ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එළවා දමමු’ යයි පෝස්ටරයේ දැක්වෙයි. කොළඹ ආශ්රිතව ස්ථාන කිහිපයකත් අනෙකුත් ප්රධාන නගර ආශ්රිතවත් මෙම පෝස්ටරය දක්නට ලැබුණි.