ජනාධිපති අපේක්ෂකත්වය ගැන සජිත් – මෛත්‍රී රහස් කතා … සජිත් තනිව එන බවත් කියයි …

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ඇති වී තිබෙන අභ්‍යන්තර ආරවුල් හේතුවෙන් සජිත් පේ‍්‍රමදාසට, එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබුනහොත් ඔහු වෙනම තරඟ වැදීමට සූදානම් බවට වන බවට තොරතුරු ලැබෙමින් තිබේ.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සමීප සම්බන්ධයක් ඇතිව පවත්වාගෙන යන වෙබ් අඩවියක් මගින් ද මේ බව වාර්තා කර ඇත. එම පුවතේ වැඩිදුරටත් සදහන් වන්නේ තනියම හෝ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා, සජිත් පාර්ශ්වයේ අමාත්‍යවරු සහ මන්ත‍්‍රීවරු කීප වතාවක්ම මුණ ගැසී ඇති බවය.

එසේම සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා වෙනම ජනාධිපතිවරණය සදහා තරඟ කරන්නේ නම්, ජනාධිපති සිරිසේනගේ සහායද ඔහුට ලැබීමට නියමිත බවත් එම පුවතේ දැක්වෙයි.

කෙසේ වෙතත් පසුගිය දින වල සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර රහසිගත සබඳතාවයක් ඇති බවට මාධ්‍ය වාර්තා ගණනාවක්ම පළ විය. විශේෂයෙන්ම මෙම එකගතාව ඇති වූයේ ඔක්තෝබර් 26 වන දින බලය ඇල්ලීමේ කුමන්ත්‍රණයත් සමග ඇති ව්‍යාකූල තත්ත්වය නිසා බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචිමාර්ගයක් සඳහන් කරයි. එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂට තව දුරටත් බහුතරය පෙන්වීමට නොහැකි බව තේරුම් ගත් මෛත්‍රී, සජිත් අගමැති ධුරයට පත් කර ආණ්ඩුව ඔහුට බාර දීමට සාකච්ඡා ගණනාවක්ම පවත්වා තිබේ.

එය සාර්ථක නොවූව ද මේ වන විට කරළියට පැමිණ ඇති සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති අපේක්ෂක පොරය පසුපස ජනාධිපතිවරයා ද සිටින බව එම දේශපාලන ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

11 − 7 =