වතුර බෝතල්වලටත් තහනම් නියෝගයක් එයි

17

පානීය ජල බෝතල්වල වැස්මේ ඇති පොලිතින් අසුරනය තහනම් කරමින් නියෝගයක් පනවා ඇති  බව මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසයි. ඒ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ අද(05) පැවති මාධ්‍ය හමුවකදීය.

පානීය ජල බෝතල් වල ඇති වැස්මේ තිබෙන පොලිතින් ආවරණය මගින් සිදුවන පරිසර හානිය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම ලා නිල් පැහැති සහ වර්ණ ගැන්වූ පානීය ජල බෝතල් වෙළඳපොළෙන් ඉවත් කිරීමට  කඩිනම් පියවර ගන්නා බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී පැවසීය.

Previous articleපැය 24ක් තුළ ඇමෙරිකාවේ තවත් වෙඩි තැබීමක් – 09ක් මියයයි
Next articleආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව පොලිසිය පිහි -කඩු පල්ලි වෙත නැවත භාර දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here