වරෙන්තුකාර කුරුණෑගල නගරාධිපති නිදැල්ලේ මැතිවරණ ප්‍රචාරක වැඩ..!

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී මේ වන තෙක් අත් අඩංගුවට ගෙන නොමැති කුරුණෑගල නගරාධිපතිවරයා ප්‍රසිද්ධියේ මැතිවරණ කටයුතු වල යෙදෙමින් සිටියි.

පොහොට්ටු පක්ෂයේ කුරුණෑගල නගරාධිපති  තුෂාර විතාරණ උසාවිය මඟහැරීම නිසා පසුගිය ජූලි 25දා වරෙන්තු කර තිඛෙන අතර මේ දක්වාම පොලිසිය මඟහරිමින් සිටින බව වාර්තා වේ. පහළ හේවාපොළ ප්‍රදේශයේ දී පුද්ගලයකුට පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ලකෑම යන චෝදනා මත පුද්ගලයන් හතර දෙනකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණය පවරා ඇති නඩුවක පළමු විත්තිකරු වන කුරුණෑගල නගරාධිපතිවරයා ඉකුත් 25 වැනිදා නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අධිකරණය මඟහැරීම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් වරෙන්තු නිකුත් කළාය.

එවැනි තත්ත්වයක් තිබියදී පසුගිය දා වරෙන්තුකාර කුරුණෑගල නගරාධිපතිවරයා ප්‍රසිද්ධියේ පොහොට්ටු පක්ෂයේ ප්‍රචාරක කටයුතුව වල නිරත වී සිටියේ අදාළ වරෙන්තුව සම්බන්ධයෙන් පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැන සිටීම නිසා බව වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

19 − 7 =