සජිත් පිල වියරුවෙන් – රනිල් පිල නව සන්ධාන උත්සවය අවලංගු කරයි – එජාප ගැටුම තවත් උග්‍ර වෙයි

එක්සත් ජාතික පක්ෂ විසින් හෙට දිනයේ කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය බිහි කිරීමේ උත්සවය අවලංගු කර තිබේ. ඒ පක්ෂය අභ්‍යන්තරගේ ඇති වී තිබෙන ගැටුම් තවත් උග්‍ර අතට හැරීම නිසාය.

සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර පළාත් පාලන මන්ත්‍රීවරුන් කිසිවකුට එහි නොපැමිණෙන ලෙස දන්වා තිබිණි. එමෙන්ම සජිත් ප්‍රේමදාසට පක්ෂපාතී ඇතැම් මන්ත්‍රීවරුන්ටද ආරාධනාවක් නොලැබුණු බව ඔවුහු සඳහන් කළහ.

එවැනි තත්ත්වයක් තුළ හෙට දිනයේ පාක්ෂිකයින් එම ස්ථානය වටා ඒකරාශී කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශවය කටයුතු කරමින් තිබිණි. මෙම තත්වය මත එම උත්සවය කල් දැමීමට සංවිධායකයන් විසින් තීරණය කර ඇත.

Leave A Reply

Your email address will not be published.

4 × two =