තරුණියක් දූෂණය කළ බවට චෝදනා ලද ඉන්දීය මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපයි

කාන්තාවක් දූෂණය කර, පසුව මෝටර් රථ අනතුරකින් එම කාන්තාවට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් නෙරපා හැරීමට ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය පියවර ගෙන ඇත. කුල්දීප් සෙන්ගර් නම් එම මන්ත්‍රීවරයා අදාළ චෝදනා සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගත කරනු ලැබ සිටින අතර, ඔහු පක්ෂයෙන් නෙරපා හරිනු ලැබීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයට මහජන අප්‍රසාදය එල්ල විය.

2017 වසරේ ජුනි මාසයේ දිනක රැකියාවක් ලබා ගැනීමට උදව් පතා කුල්දීප් සෙන්ගර් මන්ත්‍රීවරයා හමුවීමට පැමිණි අවස්ථාවේ එම මන්ත්‍රීවරයා සහ තවත් පිරිසක් තමා පැහැර ගෙන ගොස් සතියකට අධික කලයක් දූෂණය කළ බවට එම තරුණිය චෝදනා කරයි. මෙම සිදුවීමෙන් පසු දිගින් දිගටම චූදිත මන්ත්‍රීවරයාට සහ පක්ෂයට ජනතාවගේ විරෝධය එල්ල වූ අතර පසුගිය මාස කිහිපය තුළ එම විරෝධතා තවත් උත්සන්න විය. රිය අනතුර සිදු වන්නේ එම විරෝධතා උත්සන්න වීමෙන් අනතුරුවය.

උත්ත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදුව ඇති මෝටර්රථ අනතුරෙන් ඉහත කී තරුණියගේ ඥාති කාන්තාවන් දෙදෙනකු මරණයට පත් වූ අතර, ඇයගේ නීතිවේදියා ද එමගින් තුවාල ලබා ඇත. රිය අනතුර සිදුව ඇත්තේ, දූෂණයට ලක් වූ තරුණිය ,ඇයගේ පවුලේ ඥාති කාන්තාවන් දෙදෙනා සහ නීතිවේදියා උත්තර්ප්‍රදේශ් ප්‍රාන්තයේ මහා මාර්ගයක මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටියදී හදිසියේම ලොරියක් ඔවුන් ගමන් ගනිමින් සිටි මෝටර් රථයේ ගැටීමෙනි.

එම රිය ගැටුම හදිසි අනතුරක් නොවන බව තරුණියගේ මවගේ අදහස් වෙයි .

කුල්දීප් සෙන්ගර් (Kuldeep Sengar) මන්ත්‍රීවරයා එම අනතුරට හවුල් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් වාර්තා වෙයි.

Source – BBC

Leave A Reply

Your email address will not be published.

4 × four =