කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීම පිටුපස සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර බව වාර්තා වේ. ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ කීර්ති තෙන්නකෝන් ඉවත් කර ඒ වෙනුවට එච්.ඩබ්. ගුණසේන ඒ සඳහා පත් කරන ලෙසයි. එච්.ඩබ්. ගුණසේන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන අතර ඔහු පළාත් ධීවර අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.
කීර්ති තෙන්නකෝන් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කිරීම සඳහා පසුගිය ජුනි 26 වැනිදා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව වෙත යෝජනාව ඉදිරිපත් කර ඇත්තේද මහින්ද අමරවීර විසිනි.
‘ගුණසේන කියන්නෙ මගේ මස්සිනා. එයාට ආණ්ඩුකාර ධුරය දෙන්න බැරිනං මම පොහොට්ටුවට යනවා. වෙන කරන්න දෙයක් නෑ’ යනුවෙන් මහින්ද අමරවීර ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.
ජනාධිපතිවරයා එදින රාත්‍රියේම ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි කීර්ති තෙන්නකෝන්ට දැනුම් දී ඇති අතර ඒ අනුව ලබන සඳුදා, මහින්ද අමරවීරගේ මස්සිනා දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දීමට නියමිතය.