හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිතව වසර 05ක සිරදඬුවම් නියම කිරීමට හම්බන්තොට මහ අධිකරණය අද (02) නියම කර තිබේ.
පිස්තෝලයක් පෙන්වමින් 2014 වසරේදී හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වී සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසකට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසකට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
එම සිද්ධියට අදාළ තවත් සැකකරුවෙකු වූ ප්‍රේමසිරි පරණමාන්නටද බරපතල වැඩ සහිතව වසර 05ක සිරදඬුවම් නියම කිරීමටත්, චෝදනා ලබා සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටත් හම්බන්තොට මහ අධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් විසින් නියෝග කර තිබේ.