පොහොට්ටුව කරන්න යන දත්ත එකතු කිරීම භයානක බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි

22

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ‌හෙවත් ‌පොහොට්ටු පක්ෂය විසින් ලබන මස 3 සහ 4 යන දෙදින තුල රට පුරා නිවෙස් වලට ගොස් පුද්ගලයන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව එකතු කිරීම නීති විරෝධී බවත් ඒ සඳහා නෛතික බලය ඇත්තේ තම දෙපාර්තමේන්තුව විසින් නම් කරන නිලධාරියෙකුට පමණක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පවසයි.

ඔහු පවසන්නේ තම දෙපාර්තමේන්තුව විසින් ගෙන් ගෙට ගොස් පුද්ගලයන්ගේ දත්ත එකතු කරද්දී ඒ සඳහා ඒ ඒ ප්‍රදේශ වලින් බඳවා ගන්නා ස්වේච්ඡා නිලධාරීන්ට සතියක පුහුණුවක් ලබා දෙන බවත් පුහුණුවෙන් පසු ඔහුට ඒ සඳහා බලය පැවරෙන තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පෙර එකී ස්වේච්ඡා නිලධාරියා පවා දිව්රුම් ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි. එකී දිව්රුම් ප්‍රකාශයෙක් කියැවෙන්නේ තමා එකතු කරන මහජනතාවගේ පුද්ගලික දත්ත වෙනත් කිසිදු පාර්ශවයක් අතට පත් නොවීමට වග බලාගන්නා බවට තමන් දිව්රා පොරොන්දු වන බවයි.

ගෙන්‌ගෙට ගොස් මහජනතාවගේ සංවේදී පුද්ගලික දත්ත එකතු කිරීම ඒ තරම් වැදගත් බරපතල කටයුත්තක් සේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ක්‍රියා කරද්දී කිසිදු වගවීමක් නොමැති නීතිමය බලයක්ද නොමැති නොදන්නා පිරිසක් ගෙන්ගෙට ගොස් ජනතාවගේ සංවේදී පුද්ගලික දත්ත එකතු කිරීම බරපතල ජාතික ප්‍රශ්න ඇතිකරන්නක් බව ඔහු වැඩි දුරටත් පැවසීය.

තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකුගෙන් මේ පිළිබඳ විමසීමේදී ඔහු පවසා සිටියේ වගකීමෙන් තොරව ‘ස්මාර්ට්’ දත්ත එකතු කිරීමට ඉඩ දීමෙන් බැංකු ගිණුම් පිළිබඳ අවදානමක් මතු විය හැකි බවත්, අලුත් ත්‍රස්ත ප්‍රහාරයකට අත වැනීමක් බවත්ය. යම් කණ්ඩායමක් මෙවැනි අනීතික ක්‍රියාවක් සිදුකරනවානම් එය වැළැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව ඒ සඳහා මැදිහත් විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

Previous articleඑජාප සන්ධාන යෝජනාව සම්මතයි – ව්‍යවස්ථාවට සම්මත නොවේ – සජිත් ඡන්දය මගහරී…
Next articleහම්බන්තොට සෙල්ලම් පිස්තෝල මන්ත්‍රී වසර පහකට හිරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here