එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයෙන් නව සන්ධානයක් ගොඩ නැගීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත වූ නමුත් නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එකඟතාවක් පල නොවුනු බව ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. මේ බව තහවුරු කරමින් එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ද පවසන්නේ නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව සඳහා පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි.
එම ඡන්ද විමසේමේදී අදාළ නව සන්ධානයක් ඇති කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 35ක් ලැබී ඇති අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 7ක් පමණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස ඡන්දය දිමෙන් වැලකී සිටීමයි.
එහෙත් නව සන්ධානයේ ලේකම් ධුරය වෙනත් පක්ෂයකට ලබා දිය යුතු නැතැයි කියමින් ඇමති සජිත් පේ‍්‍රමදාස එය බාර ගැනීමට සූදානම් බව පවසා තිබේ.