ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් ගරගත්තා යැයි ගෝඨාගෙන් කූඨ ලේඛනයක්

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බවට පෙන්වීම සඳහා පසුගිය දිනවල සිය සමාජජාල ක්‍රියාකාරීන් වෙත බෙදා හැර තිබූ සහතිකය කූඨ ලෙස සකස් කරන ලද ව්‍යාජ ලේඛනයක් බව මේ වනවිට තහවුරු වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා 2003 මාර්තු 13 වන දින එක්සත් ජනපද පුරවැසියෙකු බවට පත්ව ඇති බවත් 2019 ජූලි 05 වන දින ඔහුගේ එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමේ ලිපිය එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බාරදී ඇති බවත් එම ලිපියේ සඳහන් වේ. එම ව්‍යාජ ලේඛනයේ 2019 ජූලි 26 දිනැතිව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මගින් අනුමත කළ බවට රතු මුද්‍රාවක්ද තබා ඇති අතර ජොයෙල් ෆිෆීල්ඩ් නම් එක්සත් ජනපද නිලධාරියෙකුගේ අත්සනද යොදා ඇත.

කෙසේ නමුත් මෙම ලිපිය බාරදුන් දින ලෙස සඳහන් 2019 ජූලි 05 වන දින වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට රැඳී නොසිටි අතර ඔහු ඒ වනවිට සිටියේ සිංගප්පූරුවේ හෘද සැත්කමක් කිරීම හේතුවෙන් ප්‍රතිකාර ලබමිණි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2003 මාර්තු 13 යැයි මෙම ලේඛනයේ සඳහන් වුවද සත්‍ය ලෙසම ඔහු ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2003 ජනවාරි 31 වනදාය.

විශේෂයෙන්ම මෙම ලේඛනයේ ඇතුළත් කර ඇති විදේශ ගමන් බලපත්‍රයේ විස්තරයද ව්‍යාජ බව තහවුරු වී තිබේ. මෙහි යොදා ඇති අත්සන පැරගුවේ එක්සත් ජනපද කොන්සියුලර් නිලධාරියෙකු වන ජොයෙල් ෆිෆීල්ඩ්ගේ අත්සන යැයිද හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විදේශීය රටක පුරවැසියන් ජනාධිපති ධුරයට හෝ පාර්ලිමේන්තුවට තේරී පත්වීම තහනම් කර ඇති හෙයින් ගෝඨභය රාජපක්ෂට ජනාධිපතිවරණය සඳහා අව්‍යාජ සහතිකයක් හෝ තහවුරු කිරීමේ ලිපියක් ලබා ගැනීම අත්‍යවශ්‍යව තිබේ.

මේ වනවිට රට තුළ ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරග නොගැනීම පිළිබඳව විශාල කතාබහක් මතුව ඇති හෙයින් එය යටපත් කිරීම සඳහා මෙම ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලේඛනය ගෝඨාභය පාර්ශවය විසින් සිය සමාජාල ක්‍රියාකාරීන් වෙත මුදා හැර තිබිණි.

Leave A Reply

Your email address will not be published.

13 + seven =