නුවන් කුලසේකර තුන්වන එක්දින තරඟයට කැඳවයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තුන්වන එක දින තරඟය එළැඹෙන බදාදා (31 ) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. පසුගිය දින ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කළ වේග පන්දු ක්‍රීඩක නුවන් කුලසේකරට මෙම තරඟයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට දන්වා තිබේ.

ඒ නුවන් කුලසේකරගේ සමුගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සංවිධානය කර ඇති උපහාර උත්සවය ඔහු වෙනුවෙන් මෙම තරඟයේදී පැවැත්වීමට සූදානම් කර ඇති නිසාවෙනි. මේ පිළිබඳව නිළ වශයෙන් ඊයේ (29) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ලැබීය .

Leave A Reply

Your email address will not be published.

three × 5 =