එජාපයේ ගැටුම් උග්‍ර වෙයි – සිරිකොත වටලන බව සජිත් පිල කියයි

ඇමැති සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය ලබා දෙන ලෙස බලපෑම් කරමින් අගෝස්තු මාසයේදි සිරිකොත එජාප මූලස්ථානය ඉදිරියට රට පුරා එජාප පාක්ෂිකයන් කැඳවන බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය පවසයි. එහි සභාපති දුමින්ද ණ්ඩාරනායක විසින් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

අද නායක රනිල් වික්‍රමසිංහ අද කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පලිගැනීමක් බවත් සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය දීම හැර රනිල්ට වෙනත් විඳුමක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

කිසිසේත්ම කරු ජයසූරිය එජාපය ජනාධිපති අපේක්ෂකයා විය යුතු නැති බවද පැවසූ ඔහු කරු ජයසූරිය පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය අයකු බවද පැවසීය.

Leave A Reply

Your email address will not be published.

three × three =