ටාටා සමාගමෙනුත් ගෝඨා මිලියන 550ක් කොමිස් අරන් – සාක්ෂි සහිතව විස්තරේ මෙන්න

කොළඹ කොම්පඥ්ඥ වීදියේ ඉන්දියාවේ ටාටා සමාගම විසින් සිදුකරන One-Colombo Project තට්ටු නිවාස ව්‍යාපෘතියෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක කොමිස් මුදලක් ලබාගැනීම සදහා එම ව්‍යාපෘතියට අදාළ මූලික ගිවිසුම් අත්සන් කල 2014 වසරේදී එවකට ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ විසින් කටයුතු කර ඇති බව හෙළි වී තිබේ.

ටාටා සමාගම විසින් සිංගප්පූරුවේ ලියාපදිංචි No1, North Bridge Road, #21-05, High Street Center, Singapore ලිපිනයේ පිහිටි S3A Asset Pte Ltd සමාගමේ Shamraz Yehiya නමැති අයෙකු වෙත මෙම මුදල ICICI බැංකුවේ කොළඹ 07 ශාඛාව හරහා ගෙවා ඇති අතර ව්‍යාපෘතිය සදහා උපදේශන සේවා සැපයීමට යැයි පවසා මෙම මුදල සිංගප්පූරු සමාගම වෙත ගෙවන ලෙස ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඉන්දියාවේ ටාටා සමාගමට  උපදෙස් ලබා දී ඇත. ඒ අනුව සිංගප්පූරුවේ යුනයිටඩ් ඕවර්සීස් බැංකුවේ  ගිණුම් අංක 364-905-824-3 දරණ ගිණුමට මෙම මුදල බැර කර තිබේ.

කෙසේ වෙතත් මෙම සිංගප්පූරු සමාගම හෝ එම සමාගම වෙනුවෙන් පෙනී සිටි ඉහත කී පුද්ගලයා One-Colombo ව්‍යාපෘතිය වෙනුවෙන් ඉන්දියාවේ ටාටා සමාගමට කිසිදු උපදේශණ සේවාවක් සපයා නොමැත.  එහෙත් ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දියාවේ ටාටා සමාගමේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක  ව්‍යාපෘතියේ මෙම කොමිස් ලබාගැනීම නිසා නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 550ක අතිරේක වැයබරක් දැරීමට සිදුවී ඇත.

Leave A Reply

Your email address will not be published.

16 − 10 =