මහින්දගෙන් රතන හිමිට ලැබුණු කුණුහරප පූජාවේ ආනිශංස මහින්දටත් ලැබනෙ ලකුණු

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පසුගිය දා සාෆි වෛද්‍යවරයාගේ ඥාතීන් හමුවීමෙන් පසුව අතුරලියේ රතන හිමියන් හමු වී අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයා රතන හිමියන්ට පවසා ඇත්තේ තමන්ගේ පක්ෂය ද සම්බන්ධ කරමින් ඇති කළ අනවශ්‍ය ප්‍රශ්නය නිසා තමන් ද අමාරුවේ වැටුණු බවයි.

“මං කිව්වා මේ වගේ ගොන් වැඩ කරන්න එපා කියලා, ඇහුවෙ නෑනෙ ? දැන් ඉතිං පාරෙ බැහැලා ගිහිල්ලත් ඉවරයි. 

ජොනීලටත් මං ඕක කිව්වා පටං ගද්දිම. බොහොම අමාරුවෙන් මං ජොනීලව නවත්තාගත්තෙ. ඒත් අර අම්මලාට සල්ලි දීපු එක එළියට ඇවිල්ලා තියෙන්නේ. 

ජාතිවාදය වුණත් ඇදලා ගන්න ඕනෙ වෙලාවල් තියෙනවා. හැමවෙලේම දේශපාලනේ ජාතිවාදෙන්ම ඇදගෙන යන්න ගියොත් කෙළවෙනවා.”

යනුවෙන් දැඩි කෝපයෙන් කළ ප්‍රකාශ හමුවේ කුමන්ත්‍රණයේ බොහෝ කරුණු මෙහිදී අනාවරණය වී ඇත. එසේම රතන හිමියන් ද පවසා ඇත්තේ අවස්ථාව පැමිණි විට සියලු කරුණු හෙළි කරන බවයි. මේ නිසා සාෆිගේ ඥාතීන් හමු වී සියලු කුණු සෝදා ගැනීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා උත්සාහ කළ ද සැලසුම් සියල්ල පාරා වළල්ලක් මෙන් තමන් වෙතටම එල්ල වන තත්ත්වයක් උද්ගත වී තිබේ.  

Leave A Reply

Your email address will not be published.

ten − three =