සුදුසුකම් නොමැතිව තිස්සගේ දුවට දුන් පත්වීම ලත් තැනම ලොප්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකගේ දියණිය දුල්මිණි අත්තනායකට ලබාදුන් තානාපති කාර්යාල පත්වීමක් මුදල් අමාත්‍යවරයා විසින් අත්හිටුවා ඇති බව වාර්තා වේ.

දුල්මිණි අත්තනායක ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය වශයෙන් පත්කොට තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයයි. ඒ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනගේ නිර්දේශයක් අනුවයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊට විරෝධය පළකර ඇති අතර දුල්මිණි අත්තනායකට අදාල තනතුර සඳහා කිසිදු සුදුසුකමක් නොමැති වීම මුදල් අමාත්‍යවරයාගේ විරෝධයට හේතුව වී තිබේ. ඇය තානාපති සේවාවේ සාමාජිකාවක් නොවන අතර තානාපති සේවාවේ හෝ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබ ඳව අත්දැකීම් නොමැති වීම හේතුවෙන් ඇය මෙම තනතුරට සුදුසු නොවන බව මංගල සමරවීර ඇමතිවරයා පෙන්වා දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ තිස්ස අත්තනායක මහතා පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග එක්විය. කෙසේ වෙතත් පසුගිය කාලයේදී ඔහු සිදුකළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ඔහු නැවතත් එජාපයට එකතුවීමේ සූදානමක පසුවන බව ද වාර්තා විය.

LNW

Leave A Reply

Your email address will not be published.

one × three =