ගෝඨාගේ වියත්මගට ජොන්ස්ටන්ගෙන් බාල්දියක්… පොහොට්ටුව දෙකට කැඩෙන්න ඉතාමත් ආසන්නයි

18

අද(28) දින කුරුණෑගල කැන්ඩියන් රීච් හොටලයේ පැවති වියත් මග වැඩ සටහන කඩාකප්පල් කිරිමට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සංවිධානාත්මකව කටයුතු කළ බව හෙළි වී තිබේ. වියත් මග වැඩ සටහන කඩාපල් කිරිම සදහා ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ලේකම්වරයා වන ලක්ෂිත ලංකාතිලක විසින් ගොඨාභය රාජපක්ෂට විරුද්දව සමාජ ජාල (facebook) හරහා ප්‍රචරයක් ගෙන ගිය අතර කුරුණෑගල පොදුජන පෙරමුණේ විද්වත් සංසදයේ කුරුණෑගල සම්බන්ධීකරණවරයා මෙන්ම ජොන්ස්ටන්ගේ හිටපු මාධ්‍ය සම්බන්දීකරණ ලෙකම්වරයකු ලෙස කටයුතු කළ නදීක හෙට්ටිආරච්චි ද තම සමජා ජාල (facebook) භාවිතා කරමින් “වියත් මග” වැඩසටහන සදහා ජනතාව පැමිණීම වැලැක්වීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් අවසානයේ මෙම රැස්වීමට ගෝඨාභය රාජපක්ෂ සහභාගි නොවීමට තීරණය කර ඇති අතර විශ්‍රාමික ජෙනරාල් බොනිෆස් පෙරේරා සභාව අමතමින් සිටියදී එහි කඩා වැදුණු පිරිසක් බොනිෆස් පෙරේරාට ද බැනවැදී සම්මන්ත්‍රණය කඩාකප්පල් කිරීමට උත්සාහ දරා තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායම මහින්ද හිතවාදී පිරිසක් වන අතර ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම පිළිබඳ ප්‍රශ්නයේදී මහින්ද සහ ගෝඨාභය අතර ඇති ප්‍රතිවිරෝධය මේ වන විට ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් වෙමින් තිබේ. කුරුණෑගල වියත්මක රැස්වීමේදී දකින්නට ලැබුණේ ද එවැනි සිදුවීමක් බවත් ඉදිරියේදී පොහොට්ටුව දෙකඩ වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවත් වියත්මක සංවිධායක කමිටුවේ සාමාජිකයෙක් සඳහන් කළේය.

Previous articleක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය පාර්ලිමේන්තු මහලේකම්ට භාර දෙයි
Next articleලංකා තේ සදහා තිබූ ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here