ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය පාර්ලිමේන්තු මහලේකම්ට භාර දෙයි

15

ශ්‍රී ලංකාවේ මුල් පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුනිගේ අදහස් හා යෝජනා අනුව සකස් කරන ලද ‘ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය’ අඟහරුවාදා (ජූලි 23) ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක වෙත භාර දෙනු ලැබුණි.

ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු අමාත්‍යාංශය භාර ගැනීමෙන් අනතුරුව, ඇමතිවරයා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් කැඳවා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නැවතත් යෝජනා ලබාගත් අතර, ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දෙන ලද්දේ සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලියකි.

එසේ ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවට හිටපු ක්‍රිකට් ප්‍රවීණයන් වන රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුනි ඇතුළු හිටපු ක්‍රීඩකයන් පිරිසක් සකස් කළ වාර්තාවක් ද, හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් පත් කරන ලද මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර සහ අරවින්ද ද සිල්වා ඇතුළත් කමිටුවේ ක්‍රිකට් ප්‍රතිව්‍යුහගතකිරීමේ සැළැස්මක් ද ඇතුළත් වෙයි.

Previous articleලෝක සෞඛ්‍ය සංවිධානය ගබ්සා පෙති නීතිගත කරයි
Next articleගෝඨාගේ වියත්මගට ජොන්ස්ටන්ගෙන් බාල්දියක්… පොහොට්ටුව දෙකට කැඩෙන්න ඉතාමත් ආසන්නයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here