ලෝක සෞඛ්‍ය සංවිධානය ගබ්සා පෙති නීතිගත කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)පසුගියදා(ජූලි 9)නිකුත් කළ අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධ වාර්තාවට ගබ්සාවට යොදාගන්නා පෙති වර්ග දෙකක් වන මිසප්රෙස්ටෝල් (misoprostol)හා මිෆප්රෙස්ටෝන් (mifepristone) ඇතුළත් කර තිබේ. 

මෙම ඖෂධ භාවිත කළ හැක්කේ අදාළ රටේ නීතිය හා සංස්කෘතිකමය වශයෙන් ගබ්සාව අනුමත කරන අවස්ථාවලදී පමණක් බවට ද විශේෂයෙන් අවධාරණය කර තිබේ. 

Misoprostol හා mifepristone පෙති වර්ග දෙක සාමාන්‍යයෙන් භාවිත කරන්නේ සති 12 කට අඩු ගර්භණීභාවය අවසන් කිරීමටයි.  මීට අමතරව misoprostol ඖෂධය ගර්භාෂයේ තුවාල, ගෙඩි සුව කිරීමට සහ පශ්චාත් ප්‍රසව රුධිර වහනය පාලනය කිරීමට භාවිත කරයි. මෙම ඖෂධ මගින් කිසිසේත්ම වඳභාවය ඇතිනොවන බව වෛද්‍ය මතයයි.  

පූර්වයෙන් සැලසුම් නොකළ ගැබ් ගැනීම් යථාර්තයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නා බැවින් මෙම පෙති දෙවර්ගය නිර්දේශිත ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව පැහැදිලිය. 

2016 ප‍්‍රකාශයට පත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවකට අනුව, ලංකාවේ දිනකට ගබ්සා කිරීම් 658ක් සිදුකෙරේ. එනම් වසරකට ගබ්සා කිරීම් 240,170ක් පමණ සිදුවේ. මේ ගබ්සා කිරීම් සොයා එන බහුතරය, විවාහක කාන්තාවන්ය. ගබ්සාවක් අවශ්‍ය කිරීමේ හේතු වශයෙන් ඔවුන් දක්වන්නේ, කලින් දරු ප‍්‍රසූතියෙන් කෙටි කාලයක් තුළ ගැබ්ගෙන තිබීම, දුප්පත්කම සහ විදේශ රැකියාවක නියුක්තව සිටීම ආදියයි. 

LNW

Leave A Reply

Your email address will not be published.

13 − three =