මෙවර මැයි දින රැලි සහ රැස්වීම් නවතයි

කොවිඩ් 19 වෛරසය නැවත වරක් ව්‍යාප්ත වීමේ අවදානමකට මුලපිරීමට හැකියාවක් ඇති බැවින් මැයි දිනය (මැයි 1) පැවැත්වීමට ඇති හැකියාව සබැදිව සාකච්ඡාවක් අද දින (20) කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානයේදී සියලු පක්ෂ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී දැනට ශ්‍රි ලංකාවේ කොවිඩ් පැතිරීම සහ ව්‍යප්තිය සැලකිල්ලට ගෙන, සියලු පක්ෂ නියෝජිතයන්ගේ එකගත්වය පරිදි සියලු පක්ෂ වල මැයි දින රැලි සහ රැස්වීම් නොපැවැත්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් මෙම පක්‍ෂනායක රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා මෙම මැයි දින රැලි සහ රැස්වීම් නොපැවැත්වීමට ගත් තීරණයට සිය පක්ෂයේ විරෝධය දක්වා තිබේ.

Leave A Reply

Your email address will not be published.

five × three =