විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ ඊයේ (20) රාත්‍රී කාලයේ දී රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු කර හතර දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුර ඊයේ රාත්‍රී 10.45 ට පමණ සිදු වී ඇති අතර මෙම අනතුරෙන් ගැබිණි කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. අනතුරෙන් පසු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රඛිත රාජපක්ෂව අත්අඩංගුවට ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.

one + twelve =