“වගකීම නීතිපතිතුමාට පමණක් භාර දී අතසෝදා ගන්න එපා – අපිට සීනිබෝල කවන්න හදන්න එපා”

ජනාධිපති කොමිසන් වාර්තාවේ සඳහන් පරිදි පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ වගකීම නීතිපතිතුමාට පමණක් භාර දී අතසෝදා ගන්න සුදානම් වෙන්න එපා යැයි රටේ බලවත් අයගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (19) මාධ්‍ය හමුවකදී පැවසීය.
එසේම සිද්දියෙන් පීඩාවට පත්වූවන්ට සීනි බෝල කැවීමට උත්සහ දැරීම කණගාටුවට කරුණක් බව අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා වැඩිදුරටත් පවසයි.

මේ ම්ලේච්ච ප්‍රහාරයට අනුබල හා අනුග්‍රහය දුන් අය ගැන සොයා නොබලා උඩින් පල්ලෙන් අතගාමින් පැලැස්තර අලවන්න ගියහොත් මොන දේශපාලන නායකයකුටවත් අන්තවාදී ව්‍යසනයෙන් රට මුදවාගැනීමට හැකිවන්නේ නැතැයි කාදිනල්තුමෝ මෙහිදී පැවසූහ.

කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ඇත්තටම ජනාධිපති කොමිසන් වාර්තාවේ එක නමක් නෙවෙයි නම් කිහිපයක්ම සඳහන් කරල තියෙනවා. මේකට අනුග්‍රහය දක්වපු අනුබල දුන්න අයගෙ නම් තියෙනවා. ඒ වගේම කියල තියෙනවා මේ අය ගැන තවදුරටත් පරීක්ෂ පැවැත්විය යුතුයි කියලා. ඒ කියල තියෙන දේවල් කරන්නේ නැතුව නිකන් මේ එක්කෙනෙක් දෙන්නෙක් අල්ලලා ඇතුලට දාලා එයාලට විරුද්ධව ඇක්ෂන් අරගෙන හරියන්නේ නැහැ. අපිට සීනී බෝල කවන්න හදල හරියන්නේ නෑ. අපිට ඕනෑ ප්‍රශ්නය හරියටම තේරුම් අරගෙන ප්‍රශ්නයට විසඳුම්.” යැයි ද මාධ්‍ය හමුවේදී කාදිනල්තුමෝ පැවසූහ.

 

Leave A Reply

Your email address will not be published.

5 × five =