කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය හෙට (20)ට කල්යයි

අද (19) ආරම්භ කෙරුණු කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගයේ වැඩිදුර විභාගය හෙට (20) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජනතා විමුක්ති පෙරමුණ, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන ගණනාවක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාග කිරීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනිණි.

Leave A Reply

Your email address will not be published.

three × two =