අගමැති රනිල් වික්රමසිංහ පසුගිය දා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ ‘පූර්ණහුතී චන්ද්රිකා’ යාගයක් කර ගැනීම සඳහා බව වාර්තා වේ. මෙම යාගය පවත්වා ඇත්තේ එරට කොල්ලූර්හි ශ්රී මූගාම්බික දේවාලයේදීය. අගමැති බිරිද මෛත්රී වික්රමසිංහ ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
අගමැති රනිල්ගේ පැමිණීමෙන් දේවාලය ආසන්නේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබින. යාගයට සහභාගී වී ඇත්තේ ඉතා සීමිත පිරිසකි. අගමැතිවරයාට රජවරයෙකු හා සමාන ඇදුම් අන්දවා ඔටුනු පලදවා මෙම යාගය සිදු කර ඇත.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති, වර්තමාන ජනාධිපති මෙන්ම වර්තමාන අගමැති ද ඇතුළුව ලංකාවේ සියලුම රාජ්ය නායකයන් මෙවැනි මිත්යා විශ්වාසයන් පසුපස ගමන් කිරීම බරපතල ඛේදවාචකයක් බව දේශපාලන විචාරකයෝ පවසති.