Softlogic, Huawei වෙතින් නවතම ආයතනික තාක්ෂණික විසඳුම්

ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei (හුවාවේ) සහ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී (Softlogic Holdings  PLC) හි  අනුබද්ධ සමාගමක් වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මෘදුකාංග සහ දෘඩාංග විසඳුම් සම්පාදකයකු ලෙස නම් දරා ඇති සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් (Softlogic  Information Technolgies) පෞද්ගලික සමාගම සමඟ නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වන හුවාවේ එන්ටර්ප්‍රයිස් සොලියුෂන්ස් (Huawei Enterprise Solutions), ක්ලවුඩ් (Cloud) සහ පරිගණක භාවිත කෘත්‍රිම බුද්ධි (Artificial Intelligence) විසඳුම්  ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දීමට සේවා සැපයීමේ හවුල්කාරිත්වයක් මෑතක දී ප්‍රකාශයට පත් කළේ ය.

දශක 3කට පමණ පෙර තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස ආරම්භ වූ සොෆ්ට්ලොජික් සමාගම තාක්ෂණික යටිතල පහසුකම් නවීකරණය සඳහා අද රටේ ප්‍රමුඛ පෙළේ ස්ථානයක නම් දරයි. ශ්‍රී ලංකාවේ දේශීය ව්‍යාපාරවල වර්ධනය ළඟා කර ගැනීම සඳහා අවැසි උපායමාර්ග සැකසීමට උපකාරී වන තාක්‍ෂණය කළමනාකරණය කිරීම සඳහා නව්‍ය ක්‍රම සොයා ගැනීමට මෙමඟින් සිදුවන්නේ මහත් සේවයකි.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ලියැන් යී මහතා මෙසේ පැවසී ය: “සොෆ්ට්ලොජික් සමඟ ඇති කර ගත් මෙම සම්බන්ධතාව මඟින් ශ්‍රී ලංකා වෙළෙඳපොළට අපගේ නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසඳුම්, උදාහරණ ලෙස ක්ලවුඩ්, AI  සහ Smart City තාක්ෂණයන් ලබා දීමට හැකි වීම ඉතාමත් වැදගත්. මේ සඳහා දුරකථන සේවා මෙන්ම ආයතනික ජාල, උපාංග සහ ක්ලවුඩ් සේවා සහ සබැඳි විසඳුම් ලෙස අද්විතීය තරගකාරී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ICT) කළඹක් Huawei සතුව ඇත●

Leave A Reply

Your email address will not be published.

five + eight =