මරණීය දණ්ඩණය නිසා ඇමෙරිකාවත් උණුසුම්

වසර 16ක විරාමයකට පසු මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන සහ ප්‍රබල ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලනඥයින් දැඩි විවේචන එල්ල කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට තරග කරන දේශපාලනඥයින් කිහිප දෙනෙක් ඉල්ලා ඇත්තේ, මරණ දඬුවම අහෝසි කරන ලෙසටය.

ඇමෙරිකාවේ නීතිපතිවරයා රැඳවියන් පස් දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවය. එම රැඳවියන්, ළමුන් හෝ වයස්ගත පුද්ගලයින් ඝාතනය කිරීම් හෝ දූෂණය කිරීම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය බව නීතිපතිවරයා පැවසීය.

අදාළ රැඳවියන්ට 2019 දෙසැම්බර් මස සහ 2020 ජනවාරි මස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. “නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ දරුණුතම අපරාධකරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා,” නීතිපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

නීතිපතිවරයාගේ නිවේදනය මගින් ෆෙඩරල් රජයේ මරණ දඬුවම සම්බන්ධයෙන් තාවකාලිකව පනවා තිබූ තහනම අහෝසි වී තිබේ. අවසන් වරට ෆෙඩරල් රජයේ මරණ දඬුවමක් ක්‍රියාත්මක වූයේ 2003 වසරේදීය. ඒ, 19 හැවිරිදි සොල්දාදුවෙකු වූ ට්‍රේසී ජෝයි මැක්බ්‍රයිඩ් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ 53 හැවිරිදි යුද්ධ සෙබළෙකු වූ ලුවිස් ජෝන්ස්ට එරෙහිවය.

BBC

Leave A Reply

Your email address will not be published.

17 − 1 =