ගහන්න ඉස්සෙල්ල කොනිත්තන්න

දඩුවම් විවිධ ස්වභාවයන් ගනී. ඒවා යමක් පාලනය කිරීමට ප්‍රයෝජනවත් වෙයි. ඉතාම සුළු වරදකට මරණ දණ්ඩනය දිය යුතු නැත. ක්‍රීඩාවේ දී ද, ඒ සම්බන්ධ ක්‍රියාකාරකම්වල දී ද අනේ මෙහෙම බොහෝ පිරිසක් සුළු වරදවලට මරණ දඩුවම තීරණය කරන්නට මෙන් හැසිරෙති. එයට එක් උදාහරණයක් නම් මේ මොහොතේ ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලිය, තරගාවලියට සහභාගී වූ ආරාධිත ශ්‍රී ලංකා කණ්ඩායම දැක්විය හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ දී තිබූ තැනින් පහතට වැටී නැත. ඔවුන් තරගාවලිය නිම වන විටත් ආසියාවේ ශ+රියෝය. ආසියාව නියෝජනය කළ සිංගප්පූරුවට ශ්‍රී ලංකා කණ්ඩායම අත් කර දුන් පරාජයන් ආසියානු කුසලානය ජය ගන්නා අවස්ථාවේ දී අත් කර දුන් පරාජයන්ට වඩා විශාලය. ඒ ආකාරයෙන් බලන විට තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාවන් වැඩිදියුණු වී තිඛෙන බව අප පිළි ගත යුතුය.


එමෙන්ම තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය ලෙස තර්ජිනී සිවලිංගම් තේරී පත්වීම ද ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයකි. නමුත්, ශ්‍රී ලංකා කණ්ඩායමට මීට වඩා ප්‍රගතියක් අත් කර ගැනීමට තිබුණු බව අවිවාදිතය. එය ඇතැම් කණ්ඩායම්වල දක්ෂතාව නිසා යටපත් වීම වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා නිසා මඟහැරුණු බව පිළිගත යුතුය. ශ්‍රී ලංකාව මූලික වටයේ දී ලෝකයේ හා සිම්බාබ්වේ කණ්ඩායම සහ උතුරු අයර්ලන්තය පරාජය කිරීමට බලාපොරොත්තු තබා තිබුණත්, තමන්ට වඩා ජාත්‍යන්තර ශ්‍රේ‚ගත කිරීම්වල ඉදිරියෙන් සිටින ඒ දෙරටේ ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරාජය කළහ. විශේෂයෙන් ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වේගවත් බවින් හා දරා ගැනීමේ ශක්තියෙන් එම කණ්ඩායම් දෙකට වඩා පසුපසින් සිටියහ. නමුත්, ෆීජි සහ සැමෝවා කණ්ඩායම් සමඟ තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් අභිබවා යා හැකි බව පැහැදිලිව දැකගන්නට ලැබිණි. එහෙත්, මානසික සූදානමකින් තොරව අනවශ්‍ය පීඩනයක් තමන් තුළට කැඳවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය ගැනීමට තිබුණු එම තරග ප්‍රතිවාදීන්ට පූජා කළහ.

එය ක්‍රීඩිකාවන්ගේ වරදක් පමණක් ද? පුහුණුකාරියගේ අඩුපාඩුවක් ද? දැන් සියලූ‍ දෙනා කතා කරන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. එහෙත්, අවසාන තරගය සහ අවසාන පූර්ව තරග ලංකාවේ නෙට්බෝල්වලට සාපේක්ෂව විස්මයජනක බව අප පිළිගත යුතුය. එම පරතරය සුවිශාලය. එසේම ශ්‍රී ලංකාව වෙතින් පරාජයට පත් වූ සිංගප්පූරුව පවා ශ්‍රී ලංකාවට වඩා ජාත්‍යන්තර අත්දැකීම් ලබන, තරගකාරී වූ වටාපිටාවෙන් අපට වඩා පොහොසත් අත්දැකීම්වලින් යුත් රටකි. ඒ අනුව රටක ක්‍රීඩා පරිසරය ද හා එය ජාත්‍යන්තර වශයෙන් ලෝකය හා කෙතරම් සමීපව සමීප සම්බන්ධතා පවත්වන්නේ ද, අත්දැකීම් උකහා ගන්නේ ද යන්නත් කල්පනා කර බැලිය යුතුය.

කෙසේ වුව ද, මේ ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සහභාගි වන්නේ, ආසියාව ජය ගනිමින්ය. කාලයක් තිස්සේ එය ද කර ගැනීමට නොහැකිව තිබූ කණ්ඩායමක්, ආසියාව ජයගෙන ලෝක කුසලානය නියෝජනයට සුදුසු කණ්ඩායමක් බවට පත් කිරීමට තිලකාගේ මඟපෙන්වීමෙන් හැකි වූ බව කිසි විටෙකත් අමතක නොකළ යුතු ය. ඊට හිමි වටිනාකම දෙන්නට නම් මැලි නොවිය යුතුය. ඒ ආකාරයෙන් බලන විට මේ ගහන්නට වරදක් නොවේය. කොනිත්තා වැරැදි නිවැරැදි කර ගන්නට මඟපෙන්විය යුතු අවස්ථාවක්ය.

නිශ්මං රණසිංහ

Leave A Reply

Your email address will not be published.

8 − 6 =