ප්‍රයිම් රෙසිඩන්සීස් දේපළ ව්‍යාපෘති 35ක් සපුරයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ දේපළ අංශය වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් සමාගම පසුගිය දා තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, තම 35 වන දේපළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට සමත් විය. මීට අමතරව තවත් ව්‍යපෘති 5ක් ඒවායෙහි අවසන් අදියර කරා ළඟා වෙමින් පවතින අතර, තවත් ව්‍යාපෘති 5ක් ළඟදීම ආරම්භ කිරීමට නියමිතව පවතී. මේ ආකාරයට දේපළ ව්‍යපෘති 35කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඒවා ගැනුම්කරුවන්ට භාර දීමට කටයුතු කිරීම ඔස්සේ ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම මෙරට Condominium නිවාස ඉදිකිරීම් සම්බන්ධ පුරෝගාමියකු බවට පත් වී ඇත.

අලංකාර සැලැසුම්වලට අනුව අතිනවීන පහසුකම් සහිතව, smart living සංකල්පය ද අනුගමනය කරමින් ඉදි කරන ලද මෙම සුඛෝපභෝගී නිවාස කොළඹ, ගම්පහ, වත්තල, රාජගිරිය, උස්වැටකෙයියාව, කිරිබත්ගොඩ, තලවතුගොඩ, නුගේගොඩ, පල්ලෙකැලේ, පානදුර, අතුරුගිරිය, කොට්ටාව, බත්තරමුල්ල, නාවල සහ මාලබේ ඇතුළුව රටේ ප්‍රධාන ස්ථාන රැසක ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් සමාගම සතු ඉඩම්වල ඉදිකර තිබේ.

දේපළ වෙළෙඳපොළේ සියලු‍ම කාණ්ඩවලට පිවිසීමට සමත් වීමට අමතරව විවිධ රුචිකත්වයන්ගෙන් යුත් පාරිභෝගිකයන්ට ගැළපෙන ආකාරයට තම දේපළ සංවර්ධන කටයුතු සැලසුම් කිරීමට ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම පියවර ගෙන ඇත. වෙළෙඳපොළේ ඉහළ තලය ඉලක්ක කරමින් සමාගම විසින් මෑතක දී ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති අතුරින් ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන්නේ කොළඹ 07 වෝඩ් පෙදෙසේ ඉදිකළ ‘The Grand Ward Place’ ව්‍යාපෘතියයි. විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය සැලසුම්වලට අනුකූලව ඉහළම පහසුකම් සමඟින් ඉදි කළ සුවිශේෂී ව්‍යාපෘතියක් වන එය, කොළඹ 07 ප්‍රදේශයේ උසම නේවාසික ගොඩනැඟිල්ල ලෙස සැලැකේ.

මීට අමතරව උස්වැටකෙයියාව ප්‍රදේශයේ ‘Resort’ වර්ගයේ නේවාසික ව්‍යාපෘතියක් ඉදි කිරීමට ද ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම කටයුතු කර ඇත. ‘The Beach Front by Prime Residencies’ ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය කුඩා දරුවන්ට කෙළිදෙළෙන් කාලය ගත කිරීමටත්, වැඩිහිටියන්ට විවේකයෙන් සිටීමට හා විනෝද වීමටත් සුදුසු විවෘත අවකාශයන්ගෙන් යුක්ත සුවිශේෂී ස්ථානයකි. ගම්පහ ප්‍රදේශයේ ද මේ වන විට දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, The Palace නම් වූ මෙම දැවැන්ත ව්‍යාපෘතියෙන් නිඳන කාමර 2 බැගින් හා 3 බැගින් යුත් නිවාස දැන් වෙන් කරවා ගත හැකි ය●

Leave A Reply

Your email address will not be published.

1 × one =