Uber වෙතින් එන්නත් මධ්‍යස්ථාන වෙත යන පුද්ගලයන්ට සහන මිලට ගමන් පහසුකම්

කොළඹ ප්‍රදේශයේ පිහිටුවා ඇති COVID-19 එන්නත් මධ්‍යස්ථාන 13 වෙත යන ජනතාවට සහන මිලට සිය ත්‍රිරෝද රථ සේවාව හරහා ගමන් පහසුකම් ලබාදීමට Uber පියවර ගෙන තිබේ. රටේ ජනතාවට එන්නත් ලබා දීම සඳහා රජය දරන උත්සාහයට සහාය වෙමින්, එම උත්සාහයේ දී ප්‍රවාහනය සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මඟහැරවීමේ උත්සාහයක් ලෙස මෙම පියවර ගැනීමට Uber තීරණය කර ඇත.

මෙම වැඩසටහනට අදාළ Uber ප්‍රවර්ධන කේතය භාවිත කිරීමෙන් මෙම විශේෂ සහන ගාස්තුව ලබා ගත හැකි වන අතර, ඒ සඳහා අදාළ ගමන් වාරය පහත සඳහන් එන්නත් මධ්‍යස්ථානයක් වෙතින් ආරම්භ වන හෝ අවසන් වන ගමන් වාරයක් විය යුතු ය.

  1. නිව් බසාර් මාතෘ නිවාසය – නිව් බසාර්.
  2. සී.එම්.සී. ඩිස්පෙන්සරි ඇන්ඩ් මැටර්නිටි හෝම් – කිරුළ.
  3. මාතෘ හා ළමා සුභසාධක මධ්‍යස්ථානය – බොරැල්ල.
  4. වැල්ලවත්ත වෙළෙඳපොළ – වැල්ලවත්ත.
  5. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – බොරලැස්ගමුව.
  6. ලු‍නාව රෝහල – එගොඩ උයන.
  7. රුක්මල්ගම විහාරස්ථානය – පන්නිපිටිය, මහරගම.
  8. මාතෘ හා ළමා සෞඛ්‍ය සායනය – සොයිසාපුර, මොරටුව.
  9. කිචිලාන් උත්සව ශාලාව – කොම්පඤ්ඤවීදිය, කොළඹ 02.
  10. සාමපුර මහල් නිවාස – ෆෝර්බ්ස් පාර.
  11. ශ්‍රී ධර්මවිජයාරාමය – නවගම්පුර.
  12. ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානය – තිඹිරිගස්යාය.
  13. බෙත්තාරාම මහා විහාරය – බෙත්තාරාමය.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත පණගැන්වීමට නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කටයුතු කිරීමේ වැදගත්කම ජනතාවට පහදා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක් වී දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද ඹඉැර පියවර ගෙන ඇත.

මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන යටතේ, එන්නත් ලබා ගැනීමෙන් පසුව ද මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථකරණය පවත්වා ගැනීම සහ COVID-19 සම්බන්ධ ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ. Uber App  තුළ ප්‍රදර්ශනය කෙරෙන පණිවිඩ ඔස්සේ පාරිභෝගිකයන්, රියැදුරන් සහ ඩිලිවරි සේවා හවුල්කරුවන් ඇතුළු විශාල පිරිසක් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ඹඉැර අපේක්ෂා කරයි. මීට අමතරව තව දුරටත් ජනතාව දැනුම්වත් කරමින් සාමුහිකව, වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා මෝටර් රථ තුළ ප්‍රදර්ශනය කළ හැකි පුවරු රියැදුරන් වෙත ලබා දීමට ද, ආපන ශාලා තුළ ප්‍රදර්ශනය කළ හැකි ස්ටිකර් සහ පෝස්ටර් ආපන ශාලා හිමියන් වෙත ලබා දීමටද Uber පියවර ගෙන තිබේ●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

twelve − 4 =