‘හරිත කෝට්ටේ’ කෝට්ටේ හරිතවත් කරයි

බැද්දගාන පාපන්දු ක්‍රීඩාංගණය අසල සිට තෙත්බිම් උද්‍යානය දක්වා රුක් රෝපණය කිරීමේ සහ පැළ බෙදා දීමේ උත්සවයක් 2021 අප්‍රේල් මස 04 වැනි දින පවත්වන ලදී. මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ, ‘හරිත කෝට්ටේ’ සංවිධානය විසිනි. එම සංවිධානයේ ආරම්භ කටයුත්තක් ලෙස මෙම වැඩසටහන සිදු කෙරිණි.

මෙය සාර්ථක කර ගැනීම සඳහා චිත්‍රපට අධ්‍යක්‍ෂ සුරංග අල්විස්, අගහස් ප්‍රකාශක රංජිත් දිසානායක මහත්වරුන් ඇතුළු පරිසරවේදීහු සම්බන්ධ වූහ.
‘හරිත කෝට්ටේ’ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකයන් වන පරිසරවේදී සඳුන් පැලනගේ, නීතිවේදී මංජුල කොඩිකාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජවිපෙ නාගරික මන්ත්‍රීවරුන් වන අරෝෂ අතපත්තු, අජිත් ධම්මික බණ්ඩාර සහ ඉන්ද්‍රා මල්කාන්ති පෙරේරා මන්ත්‍රීවරිය ද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කළහ.
ලසන්ත වීරකුලසූරිය

 

 

Leave A Reply

Your email address will not be published.

fourteen − nine =