විෂ ආහාර: සිද්ධිකා ඉවත් කොට ව්‍යාපාරිකයන් බේරයි

පොල්තෙල් ඇතුළු විෂ ආහාර පිළිබඳ කතා කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න ඉවත් කොට එම ආහාර මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයන් බේරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ.
ආයතනයේ සභාපති ධුරයට නුෂාඩ් පෙරේරා පත් වීමෙන් පසු ව්‍යාපාරිකයන් ප්‍රමිති ආයතනයට මැදිහත් වීම වැඩි වූ බවත්, අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සිදු කළ කටයුතු සභාපතිවරයා යටතට පවරා ගැනීම සිදු කළ බවත් ප්‍රමිති ආයතනයේ ඉහළ නිලධාරීහු අනාවරණය කරති. අධ්‍යක්‍ෂ ජනරාල්වරියට අදාළ තනතුරට අවශ්‍ය සුදුසුකම් ප්‍රමාණවත් ලෙස ඇති බවත්, ඇය ඇතැම් තීරණාත්මක අවස්ථාවල දී සෘජුව ආයතනයේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි බවත් ඔවුහු පෙන්වා දෙති.
දංකොටුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් දෙකේ ඇෆ්ලටොක්සින් නම් පිළිකාකාරකය ඇති බව පසුගිය 8 වැනිදා රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබිණි. මෙම තොගයට අයත් යැයි සැක කෙරෙන තවත් පොල්තෙල් තොගයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිවාරණ අංශයේ සහ පෞද්ගලික ගබඩාවක තාවකාලිකව ගබඩා කර තිබේ. මෙම තොගය ද පිටතට යාමේ අවදානමක් නැද්දැයි අප කළ විමසීමේ දී වරාය අධිකාරියේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ, වරායේ විශේෂිත සීල් (ක්‍මිඑදපි ඊදකා ීැ්ක) එම එක් එක් බහලුම්වල යොදා ඇති නිසා ඒවා ඉවත් කර තිබුණහොත්, සොයා ගත හැකි බවයි.
කෙසේ වෙතත්, මේ ගැටලු සියල්ල විසැඳීම සඳහා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය කඩිනමින් ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනකු මැදිහත් වී බලපෑම් කරමින් සිටින බව ද ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.