“කාදිනල් හිමි පාස්කු ඉරිදා කළ ප්‍රකාශයට දේශපාලනික අර්ථකථන නොදෙන්න”

-කතෝලික සභාවෙන් නිවේදනයක්

කාදිනල් හිමියන් ඉකුත් පාස්කු ඉරුදින කළ ප්‍රකාශයට අනුව පවසන ලද හිටපු ජනපතිවරයා පිළිබඳ ප්‍රකාශය සම්බන්ද කරගෙන විවිධ පුද්ගලයන් ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් එහෙත් ඒ සඳහා දේශපාලනික අර්ථකථන නොදෙන ලෙස කතෝලික සභාව ඉල්ලා සිටියි.
මේ පිළිබඳව කතෝලික සභාව වෙනුවෙන් ගරු සිරිල් ගාමිණී පියතුමා ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දේශපාලනිකව කිසිවකුට පහරගැසීමේ අදහසින් කාදිනල් හිමියන් එම ප්‍රකාශය සිදු නොකළ බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි කමිටුවේ ගරු සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ,

“කාදිනල් හිමියන්ගේ එම ප්‍රකාශය තුළ කිසිම විදිහක දේශපාලනිකව කිසිවෙකුට පහර ගසන්නට අදහසක් තිබුණේ නෑ. මේ පාස්කු ප්‍රහාරය ජාතික අපරාධයක් හැටියට අපි දකින්නේ. මේ තර්ජනය තාමත් ඒ විදිහටම තියෙනවා.” රජය කළ යුතු වන්නේ මේ මොහොතේ රජය පැත්තෙන් මේ සඳහා උපරිම දායකත්වය ලබා දීමයි”
කාදිනල් හිමියන් ඉකුත් පාස්කු ඉරිදා හිටපු ජනපතිවරයා පිළිබඳ ප්‍රකාශයක් සිදුකළ අතර ඊට පසුදින හිටපු ජනපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකර තිබුණි.

Leave A Reply

Your email address will not be published.