එල්.ටී.ටී.ඊ පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් යොදාගැනීම – යාපනය නගරාධිපති අත්අඩංගුවට

යාපනය මහ නගර සභාවේ නගර ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති නව ආරක්ෂක ඒකකයේ ආරක්ෂකයන් පස් දෙනාට ලබා දී ඇති නිල ඇඳුම යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන්ගේ ඇඳුමට සමාන ඇඳුමක් යොදා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට යාපනය  නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකු යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
මෙම පුද්ගලයන් පස්දෙනා තාවකාලිකව නගරසභාවට බඳවා ගෙන ඇති අතර නිල ඇඳුමක් නිර්මාණය කර සේවයේ යොදවා ඇත්තේ නගරාධිපතිවරයා ගේ උපදෙස් අනුව බව යාපනය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු සාක්ෂිකරුවන් රැසකගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අනාවරණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

අද (09) අලුයම අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිත බවද වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.