ජවිපෙ නායක අනුරගෙන් උවිඳු විජේවීරට උනුසුම් සුභපැතුම්!

අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ පුත් උවිඳු විජේවීර කියන්නෙ දැන් වයස අවුරුදු 32ත් ඉක්මවූ නිදහස් තරුණයෙක්. ඒ වගේම ඔහු විදේශ අධ්‍යාපනයක් ලබමින් ඉන්නවා. ඔහු උගත් තරුණයෙක්
මේ රටේ අනෙක් තරුණයන්ට වගේම තමුන්ගෙ දේශපාලන ගමන්මග කුමක්ද යන්න තීරනය කිරීමේ පූර්න අයිතිය සහ නිදහස ඔහුටත් තියෙනවා.
ඔහුට ගත හැකි ක්‍රියාමාර්ග කීපයක් තියනවා. අපේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක බද්ධවෙලා වැඩකරන්න. ඔහු අප සමග හෝ වෙන දේශපාලන පක්ෂයක් සමග එක්ව දේශපාලනය කරන්න. එසේ නැත්නම් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඒ හරහා දේශපාලනය කරනවාද යන්න තීරනය කිරිම ඔහු සතු අයිතියක්.
ඒවාගේම ඔහු තම ජීවිතය කාලය තුල විශාල කටුක අත්දැකීම් ප්‍රමානයකට මුහුනදීපු දරුවෙක්.
ඒ නිසා මේ ඇතිවී තිබෙන ඛේදවාචකයක් සහිත මේ සමාජ දේශපාලන ක්‍රමයට එරහිව තරුණයෙක් ලෙස ඔහු කුමන හෝ තැනක සිට දේශපාලනය කිරීමට තෝරාගැනීම පිලිබඳ අපි අගය කරනවා.
ඒ වෙනුවෙන් අපි ඔහුට අපේ උනුසුම් සුභපැතුම් ප්‍රකාශ කරනවා.
ජවිපෙ නායක අනුර දිසානායක Supreme T V සමග පැවති දේශපාලන සංවාදයකදී ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.