“ජනාධිපතිතුමා ඔබතුමා කිව්ව කිසිම දෙයක් කෙරිලා නෑ”- එස්.බී.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා කළ වැඩ කිරීමට නොහැකි වීමෙන් කඩා වැටිල, ජාතික පාසල් දහසක වැඩසටහන ඉටුවී නෑ, ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනත් ක්‍රියාත්මක නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ 90 වැනි ජම්ම දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවුඩ රැගෙන එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී ය.

ජනාධිපතිවරයා පසුගිය කාලයේ හොඳ ජනප්‍රියතාවයෙන් සිටි බවත් ඔහු බලාපොරොත්තු වූ කිසිඳු වැඩක් කර නොමැති බවත් දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවේදී කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් සහ දිසානායක මන්ත්‍රීවරයා අතර සාකච්ඡාව මෙසේ සිදු විය.
● සිරිවිමල නාහිමි:
ඇත්ත වශයෙන්ම අපි කළකිරිලා ඉන්නේ. අපිට ඕන නෑ කියලා හිතුණා. මම මේ දේශපාලනය කරන්නෙත් නෑ. කරලා වෙච්ච හරිය පේනවනේ දැන්
● එස්. බී. දිසානායක :
“ජනාධිපතුමා පසුගිය දවස්වල ඇමරිකන් ජනාධිපති වගේම හොඳමට ජනප්‍රියත්වයේ හිටියා.
ඇවිල්ලා කිව්වා මම හොඳමට වැටිලා ඉන්නේ කියලා. මොකද කියලා ඇහුවා. ලේකම්වරුත් හිටියා. මම කිව්වා ජනාධිපතිතුමා ඔබතුමා කිව්ව කිසිම දෙයක් කෙරිලා නෑ. මම ඇහුවා ඇයි ඒ කියලා.
මම කිව්වා ඔය ඉස්සරහ ඉන්න අධ්‍යාපන ලේකම්, එතුමා කිව්වානේ ජාතික පාසල් දාහක්, දැන් අහන් කීයක් හදලා ඉවරද කියලා. එකක්වත් නෑ. එතකොට එයා කිව්වා තවම ලැයිස්තුව හදනවා කියලා. අවුරුදු එකහමාරක් ලැයිස්තු හදනවා.

මම ඇහුවා ඉඩම් ඔප්පු දෙනවා කිව්වනේ දැන් කීයක් දීලා තියෙනවද? ඒකත් තව වෙලා නෑ.
කිව්වට හාමුදුරුවනේ වෙන්නේ නෑ. අනේ මම දන්නේ නෑ. අධ්‍යාපනයට ජී. එල්. මුකුත්ම කරන්නෙ නෑ. වේගයෙන් වැඩ කරන්න ඕනෙ එහෙම නැතුව බෑ.

ගැටලුවක් තියෙනවා අපේ ප්‍රධාන ආදායම් මාර්ග කඩාගෙන වැටිලා. හැබැයි චීනය අපිට කියලා තියෙනවා ඕන ගානක් ගන්න පුළුවන් දවසක දෙන්න කියලා. පණිවුඩය පැහැදිළිවම ආණ්ඩුවට කියලා තියෙනවා.
පාස්කු ප්‍රහාර පිළිබඳව සියලු තොරතුරු ආණ්ඩුවට ලැබුණා. ඒ තොරතුරු අගමැතිතුමා අතෙත් තිබුණා. ඒ වෙලාවේ ආරක්‍ෂ ඇමති හැටියට හිටියේ සාගල රත්නායක එයා ළගත් තිබුණා. හුගක් වෙලාවට ආරක්‍ෂක ලේකම්ටත් ආවා. හැබැයි මේ සියලුම දෙනාගේ ඔළුවේ තිබුණෙ ඊළඟ ජනාධිපති ඡන්දේ”
එස්. බී. දිසානායක මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයින් ඉක්මනින් ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළිවේ.

 

 

Leave A Reply

Your email address will not be published.