“රන්ජන් රාමනායකගේ මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇත”

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේ දි අද (7) පැවැසීය.

අද දින මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත්තේ නීති උපදෙස් ලබා ගැනීමෙන් පසුව යැයි ද කතානායකවරයි පවසයි.

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඬුවමට ලක්කළේ පසුගිය පෙබරවාරි මස 12 වැනි දාය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මෙම සිරදඬුවමට ලක් විය.

Leave A Reply

Your email address will not be published.