විවාහ නීතිය වෙනස් කරන්නැයි මුස්ලිම් කාන්තා සංවිධාන රැසක් ඉල්ලයි

වර්තමාන මුස්ලිම් විවාහ නීතියෙන් මුස්ලිම් කාන්තාවන් දැඩි පීඩාවකට පත්ව සිටින බව මුස්ලිම් සංවිධාන රැසක් පවසයි. ඔවුන් මේ බව සඳහන් කළේ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (26) මුස්ලිම් කාන්තා සංවිධානවල එකතුවකින් පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා හිටපු ඇමතිවරියක වන ෆේරියල් අෂ්රොෆ්, මුස්ලිම් නීති ප්‍රතිසංස්කරණය සඳහා වූ ක්‍රියාකාරී කණ්ඩායම නියෝජනය කරමින් නීතිඥ අර්මිසා ටෙගාල්, නීතිඥ සෆානා ගුල් බෙගම්, ඉස්ලාමික් කාන්තාවන් සවිබල ගැන්වීමේ සංවිධානය නියෝජනය කරමින් අනිෂා ෆර්තව්ස්, සහ මුස්ලිම් කාන්තා සංවර්ධන පදනම නියෝජනය කරමින් ජුවයිරියා මොහිදීන් සහභාගි විය.

මුස්ලිම් කාන්තාවන්ට අදාලව විවාහ නීතියේ ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටින්නේ වර්තමානයෙහි පවතින පනතට අනුව මුස්ලිම් කානතාවන්ට බරපතල අසාධාරණයකන් සිදුවන බවට බොහෝ සාක්ෂි පදනම් කරගනිමින් වන බවත්, බිඳුණු පවුල් හා එම පවුල්වල කාන්තාවන්ට සහ දරුවන්ට ඔවුන්ගේ ගෞවරවය අහිමි කිරීම මෙන්ම ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීම වර්තමානයේ දක්නට ලැබෙන ප්‍රතිපලයන් බව ඔවුන් පෙන්වා දෙයි. තවද එම පිඩාකාරී ක්‍රියාවන් සියල්ල ෂරියා අරමුණුවලට හා එම නීතියේ මුලධර්මයන්ට පටහැනි ඒවා බවටද ඔවුන්ගේ අදහසයි. එසේම මේ සම්බන්ධයෙන් දශක කිහිපයක් පුරා විවිධ ආකාරයේ සාකච්ඡා පැවැත්වුණු බවත් මේ වන විට එවා සම්බන්ධයෙන් යම් එකගතාවයකට පැමිණ ඇති බවත් පැවසූ ඔවුන් දැන් පැමිණ තිබෙන්නේ ගනු ලැබූ තීරණ ක්‍රියාවට නැගීම බවත් පැවසීය.

දික්කසාද සම්බන්ධයෙන් කාන්තාවන් සහ පිරිමින් දෙපිරිසටම මුහුණදීමට ඇති කොන්දේසි සමාන කිරීම, අවම විවාහ වයස වයස අවරුදු 18ක් විය යුතු වීම, විවාහය නීත්‍යානුකූලව වලංගු කිරීම සඳහා ලියාපදිංචිය අනිවාර්ය කිරීම, බහු විවාහය සඳහා අවසර දීම සුවිශේෂී තත්ත්වයන් මත, සාධාරණ හේතුවක් සහිතව හා මූල්‍ය හැකියාව මත මෙන්ම සියලු පාර්ශවයන්ගේ කැමැත්ත සහ අධිකරණයේ අවසරය ඇතුළුව නිශ්චිත කොන්දේසි යටතේ පමණක් වීම යන කාරනා ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් එම මුස්ලිම් කාන්තා සංවිධාන විසින් අපේක්ෂා කරනු ලබන මුස්ලිම් කාන්තාවන්ට අදාල ප්‍රතිසංස්කරණ ඉල්ලීම් අතර වේ.

Leave A Reply

Your email address will not be published.

5 + seven =