පස්සර රෝහලේ ගොඩනැඟිලි අබලන්, කාර්ය මණ්ඩලය නෑ

පස්සර රෝහලේ කාර්ය මණ්ඩල හිඟය සහ අබලන් තත්ත්වයේ පවතින ගොඩනැඟිලි හේතුවෙන් ගම්මාන රැසක ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව අනාවරණය වේ.

දැනට රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනකුගේ, හෙද සේවකයන්ගේ සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ  සේවකයන්ගේ පුරප්පාඩු රැසක් පවතින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම හේතුවෙන් රෝහලේ දෛනික ප්‍රතිකාර කටයුතු බිඳවැටී ඇත.

මෙම රෝහලෙන් දිනකට නේවාසික රෝගීන් හැට දෙනකුට අධික පිරිසක් ප්‍රතිකාර ගන්නා අතර, දිනක දී බාහිර රෝගීන් 350ක් පමණ රෝහලට පැමිණෙති. ‍

මෙහි  හෙද නේවාසිකාගාරය, දන්ත චිකිත්සාගාරය, ළමා වාට්ටුව ඇතුළු ගොඩනැඟිලි රැසක් අබලන්ව ඇති අතර පස්සර, ලු‍ණුගල, මඩොල්සිම, පිටමාරුව, ඇකිරිය, මැටිගහතැන්න, බිබිලගම, නමුණුකුළ, හිඟු‍රුකඩුව සහ බඩල්කුඹුර යන ප්‍රදේශවල රෝගී ජනතාව මේ නිසා මහත් අනතුරුදායක තත්ත්වයකට මුහුණ පා සිටිති●

 

පස්සර – ආර්.ජයසේන
Leave A Reply

Your email address will not be published.