පොදු අරමුණක් වෙනුවෙන් කරන්න පුලුවන් ඉහළම පරිත්‍යාගය කරපු පරම්පරා දෙකක්

71 එක පරම්පරාවක් අහිමි උණා.. 88/89 තව පරම්පරාවක් නැති උණා.. ඒ නැතිවෙන්නෙ මෙරට තාරුණ්‍ය ඇතුළෙ බිහිවුණු විශිෂ්ට ම පරම්පරා දෙකක්.. පුද්ගලික සිහින වෙනුවෙන් දේශපාලනය නොකළ, පොදු අරමුණක් වෙනුවෙන් කරන්න පුලුවන් ඉහළම පරිත්‍යාගය කරපු පරම්පරා දෙකක්..රස්සාවක් ගන්න,පුතා ඉස්කෝලෙට දාගන්න,ආණ්ඩුවෙන් ඉඩං කෑල්ලක් ගන්න වගේ ඒක පුද්ගල ජීවිතයක් වෙනුවෙන් දේශපාලන නොකළ පරම්පරා දෙකක්.. උන්ට තිබුණෙ සාමූහික දේශපාලන උවමනාවක්..උන් දැනගෙන හිටිය මේ අප ගතකරන නරුම මොහොත උදා වෙන බව..උන් කලින් ඇහැරුනෙ ඒකයි.. ඒ පරම්පරා දෙක අහිමි වුණු මේ මොහොතෙ අපි ඉන්නෙ අශිෂ්ටත්වය හැම තැනම මහ ගස් වෙච්ච පොළොවක.. එදා විජේවීරට තිබුණු අභියෝග වලට වඩා විශාල අභියෝගය රැසක් එක්ක ඉස්සරහට යන්න වෙලා.. එදා හිටපු දැනුවත් දේශපාලන තරුණයා වෙනුවට බහු භාණ්ඩික ජීවිතයට පුරුදු කරමින් ඉන්න තරුණයෙක් පේන්නෙ..ඌට සාමූහික සමාජ අභිලාශයන් ගැන අදහසක් නෑ..අර්ථ ක්‍රමය ඇතුළෙ කොදු කඩපු චින්තනය මොට කරපු එකෙක් ඉන්නෙ..ඌට විමුක්තිය කියන්නෙ බය හිතෙන වචනයක්..ජන්දෙ කිට්ටු වෙනකොට කාගෙහරි ආකර්ශනීය ස්ලෝගන් එකක් වෙනුවෙන් කඩේ යනව ඇර ඉන් එහා දේශපාලන කියවීමක් උන්ට උරුම කරල නෑ..ඉතිහාසය කියල උන් දන්නෙ එක්කො රාවනා ගැන එක්කො දුටුගැමුණු ගැන ලියවිච්ච වීර කතා..ඉන් මෙපිට මේ රටේ ඉතිහාසය ගැන හැදෑරීමක් නෑ.. මේ විකෘතිය එක්ක නිර්වින්දනය වූ පරපුරක් නෙවෙයි විජේවීරගෙ යුගයෙ හිටියෙ.. ඒකයි මම කිව්වෙ එදාට වඩා සාමූහික සටන් වලට මේ තරුණයො ගේන එක තමයි බරපතල ම අභියෝගය කියල..ඒත් ඒක ජය නොගතහොත් මේ පරපුර ඉතිහාස ගත වෙන්නෙ විනාශය සියතින් කැදවාගත් නිවට පරපුරක් හැටියට..
-රවී සිරිවර්ධන

 

Leave A Reply

Your email address will not be published.